නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලිතියම් අයන් බැටරි ගිනි ගැනීම්වලට හේතුව හෙළිවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන ලිතියම් අයන් බැටරි ගිනි ගැනීම්වලට හේතුව ගුණාත්මක තත්වයෙන් අඩු නිෂ්පාදන විය හැකි බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිතියම් අයන් බැටරි ආශ්‍රිත ගිනිගැනීම් 64ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වුණා.

2023 ජනවාරි මාසයේ සිට මේ දක්වා ගිනි ගැනීම් 1,000ක් වාර්තා වී ඇති බව සඳහන්.

1990 ගණන්වලදී ප්‍රථම වරට වෙළඳ පොළට පැමිණි නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන් බැටරි මේ වන විට වඩාත් සුලභ වී තිබෙනවා.

සුර්ය පැනල පද්ධති, විද්‍යුත් වාහන, විද්‍යුත් බයිසිකල් සහ වෙනත් පාරිභෝගික නිෂ්පාදනවල ඒවා පැවතීම හමුවේ බැටරි සඳහා ඇති ඉල්ලුම ද මෑත වසරවලදී ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිෂන් සභාවේ දත්තවලට අනුව 2023 මූල්‍ය වර්ෂය තුළ ලිතියම් අයන් බැටරිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ සුර්ය පැනල මෙන්ම විද්‍යුත් යතුරුපැදි සමගින්.

ඒවායෙහි ඇති විශාල ලිතියම් අයන් බැටරි ගිනි ගැනීමේ වැඩි අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් වෙළඳපොලේ නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති අතර අන්තර්ජාලය හරහා ලාභදායි නිෂ්පාදන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් ප්‍රවේශම් විය යුතු බව දැනුම් දෙනවා.

මෙම මාසයේ ගත වූ දින කිහිපය තුළ සිට බලධාරීන් විසින් e-බයික් සහ e-ස්කූටර් මාදිලි 39ක් ඇතුළුව විදුලි භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් 195ක් පරීක්ෂා කර තිබුණා.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »