Search

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව මානසිකව වැටෙන හේතුව

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ආබාධ සියයට 50කින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

අදාළ වාර්තා පෙන්වා දෙන්නේ ගතවූ වසර 15 තුළ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය දිගින් දිගටම පිරිහෙමින් ඇති බවයි.

වයස අවුරුදු 16ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 40ක් 2020-2022 කාලසීමාවේදී කුමන හෝ මානසික ආබාධයකට ගොදුරු වී ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල සඳහන්.

ඒ අනුව ගතවූ වසර 2 දී මිලියනයකට අධික තරුණ පිරිසක් කුමන හෝ මානසික සෞඛ්‍ය පිරිහීමකට නතුව තිබීම විශේෂත්වයක්.

මානසික පීඩාවට පත්වුවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් බව ද සඳහන්.

2007 වසරේ සිට සෑම තරුණ පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික සෞඛ්‍ය ආබාධයන්ට ගොදුරු වී ඇතැයි හෙළිවී තිබෙනවා.

තරුණ ගැහැණු ළමුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු කුමන හෝ මානසික ආබාධයකට පත්ව තිබෙන බවයි අනාවරණය වන්නේ.

මේ අතර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් 03 දෙනෙකුගෙන් එක් අයෙකු ද කුමන හෝ මානසික ආබාධයකට ලක්වන බවට හඳුනාගෙන තිබෙනවා.

හුදකලාව හා කාංසාව මෙන්ම සමාජ මාධ්‍ය ද තරුණ ප්‍රජාවගේ මානසික ආබාධ සඳහා ප්‍රධාන හේතුවක් වන බව සඳහන්.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »