
පවතින නිවාස ගැටලුව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර වෙනස් විය යුතු තවත් බොහෝ දෑ පවතින බව ක්ෂේත්රයේ ප්‍රවීණයන් පවසනවා.
ෆෙඩරල් රජයේ ඉලක්කය වී ඇත්තේ වසර පහක් වැනි කෙටි කාලයක් තුළ නිවාස මිලියන 1.2ක් ඉදිකර නිවාස ගැටලුවට විසඳුම් ලබාදීමයි.
තවත් මාස කිහිපයකින් එම ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

නිවාස සැපයුම ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳ රජය අවධානය යොමු කළ ද නව පෞද්ගලික නිවාස සඳහා ලබාදෙන අනුමත කිරීම් සංඛ්‍යාව පහත ගොස් ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
පසුගිය සතියේ නිකුත් කරන ලද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්නුම් කළේ ජනවාරි මාසයේදී නව නිවාස අනුමත කිරීම් සියයට 1කින් පහත වැටී ඇති බවයි.

රජයේ නිවාස ව්‍යාපෘතියේ ඉලක්ක කරා යාමට නම් මේ වසරේ ජූලි මාසයේ සිට 2029 වසරේ ජුනි දක්වා සෑම මාසයකම නිවාස 20,000ක් ඉදිකළ යුතු වනවා.
විචාරකයන් පෙන්වා දෙන්නේ 2012 වසරේ මැයි මාසයේ සිට නිවාස අනුමත කිරීමේ ප්‍රවණතාව ඉතා තියුණු පහත වැටීමක් පෙන්වන බවයි.
නව නිවාස ව්‍යාපෘතිවල හිඟය, ඉහළ පොලී අනුපාත, සැපයුම් ගැටළු මෙන්ම සේවක හිඟය; ගොඩනැගිලි ද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය ඉහළ නැංවීමට හේතු වන බවයි සිඩ්නි විශ්ව විද්‍යාලයේ නාගරික සැලසුම් පර්යේෂකයෙකු වන මහාචාර්ය නිකොල් ගුරාන් පැවසුවේ.