
සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන්නැයි බටහිර සිඩ්නි ජනතාවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
සරම්ප රෝගය වැළඳුනු ළදරුවෙකු විදේශීය රටක සිට සිඩ්නි වෙත පැමිණ තිබීම හේතුවෙනුයි මෙම අවදානම් නිවේදනය නිකුත් කර ඇත්තේ.
සරම්ප එන්නත් දීමට නොහැකි තරම් වූ මෙම කුඩා බිළිඳා ගිනිකොනදිග ආසියානු රටක සිට ආපසු පැමිණි අයෙක් බව සඳහන්.

බටහිර සිඩ්නි හි මහජන සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කැතරින් බැට්මන් පැවසුවේ මහජනතාවට බරපතල අවදානමක් නොමැති නමුත් ස්ථාන කිහිපයකට පැමිණි අය රෝග ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවයි.
සරම්ප රෝග ලක්ෂණ අතරට උණ, උගුරේ වේදනාව, නාසයෙන් දියර ගැලීම සහ දින තුන හතරකට පසු හිසේ සිට ශරීරයේ සෙසු කොටස් දක්වා පැතිරෙන රතු ලප ඇතුලත් වනවා.

ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස හෝ කිවිසුම් හරහා සරම්ප වෛරසය වාතය හරහා පැතිරෙන අතර සරම්ප සහිත පුද්ගලයෙකුට නිරාවරණය වීමෙන් පසු රෝග ලක්ෂණ මතු වීමට දින 18ක් ගත විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු තම වෛද්‍යවරයා හමුවිය යුතු අතර ඔවුන් වෙනත් රෝගීන් සමඟ පොරොත්තු කාමරයේ රැඳී නොසිටිය යුතු බවට ද අවධාරණය කෙරෙනවා.
A full list of the exposure sites is below.
Flight VJ085 from Ho Chi Minh City arriving Sydney International Airport March 2 approximatly 8am.
Sydney International Airport on 2 March from approximately 8am to 10am.
Rhodes Waterside on
March 2 between 11.00am and 12.45pm
March 8 between 12.30pm and 1.10pm
The Children’s Hospital at Westmead Emergency Department on
March 5, 2024 between 10.30pm and 6 March 12.30am
March 6, 2024 between 2.30am and 2.15pm
The Children’s Hospital Westmead between March 8 to 13.