ඔස්ට්‍රේලියාවේ අධිකරණවල විභාග වන නඩු ඉහළ යාමක් ගැන තොරතුරු

ඔස්ට්‍රේලියාවේ අපරාධ අධිකරණවල විභාග වන පහරදීම් නඩු සංඛ්‍යාව වසර 10ක පමණ කාලයක් තුළ එහි ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්තවල දැක්වෙන්නේ 2022-2023 මූල්‍ය වර්ෂය පුරා පහරදීමේ සිදුවීම් සියයට 16කින් ඉහළ ගොස් ඇති බවයි.

වඩාත් දරුණු ආකාරයේ පහරදීමේ සිදුවීම්වලට චෝදනා එල්ල වූ විත්තිකරුවන් 74,526ක් සිටින අතර, එය රට පුරා අධිකරණ නඩුවලින් සියයට 14ක් බව සඳහන්.

පුද්ගලයෙකුට බලපෑම් කිරීම හෝ තර්ජනය කිරීම, තුවාල කිරීම හෝ ප්‍රචණ්ඩත්වය පහරදීමේ වැරදිවලට සම්බන්ධ වනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අපරාධ සහ යුක්තිය පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රධානී සමන්ත මැක්නලි ප්‍රකාශ කළේ මෙතෙක් අධිකරණ තීන්දු ලැබුණු නඩුවලින් සියයට 91ක් එනම් පුද්ගලයන් 54,069ක් වැරදිකරුවන් වී ඇති බවයි.

මෙම විත්තිකරුවන්ගෙන් ඇතැමුන් පුනරුත්තාපන ආයතනයක භාරකාරීත්වයට පත් කර ඇති අතර තවත් පිරිසකට යහපත් හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණයට නියෝගයක් පනවා ඇතැයි සඳහන්.

පසුගිය වසර තුළ මිලියන භාගයකට අධික විත්තිකරුවන් සම්බන්ධයෙන් අපරාධ නඩු අවසන් කර ඇති අතර එය පෙර වසරට වඩා සියයට නවයක වැඩිවීමක්.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »