සංක්‍රමණිකයන්ට නොමිලේ ලැබෙන සේවා රැසක් සමග නව සහන පැකේජයක්

විවිධ රටවල පවතින යුදමය තත්ත්වයන් හමුවේ පලා යන ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත පහසුකම් පිළිබඳ දකුණු ඔස්ට්‍රේලියා රජයේ සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර පාසල් ගාස්තු සහ රජයේ රෝහල්වල වියදම්වලින් එම සංක්‍රමණිකයන් නිදහස් කිරීම ඇතුලු යෝජනා රැසක් මෙම සහන පැකේජයට ඇතුළත්.

ප්‍රාන්ත රජය ඇස්තමේන්තු කර ඇත්තේ ගැටුම්වලින් පලා ගිය 100කට ආසන්න පිරිසක් මේ වන විට දකුණු ඔස්ට්‍රේලියාවේ ජීවත් වන බවයි.

ඒ අනුව යුද්ධයෙන් බලපෑම් එල්ල වූ රටවලින් දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට නව මානුෂීය පැකේජයේ කොටසක් ලෙස ප්‍රාන්ත රජයෙන් අමතර අධ්‍යාපනය, නිවාස සහ වෛද්‍ය ආධාර ලැබෙනු ඇති.

ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු සහ රජයේ රෝහල් වියදම් කපා හැරීම, නිවාස කුලී ගෙවීම් ආවරණයට සහාය, පොදු ප්‍රවාහනය සඳහා නොමිලේ මෙට්‍රෝ කාඩ්පත්, ඩොලර් 100ක සිල්ලර වවුචර සහ ආබාධිත ආධාර ලබා ගැනීමට පහසුකම් ද ඔවුන්ට හිමිවන බව සඳහන්.

දකුණු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය පීටර් මලිනවුස්කස් (Peter Malinauskas) පැවසුවේ ගැටුම්වලින් පලා යන පුද්ගලයින් බොහෝ විට තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණීම හමුවේ මෙඩි කෙයා සහ සෙන්ටර් ලින්ක් වැනි මූලික සහන මෙතෙක් ඔවුන්ට අහිමි වී තිබූ බවයි.

ප්‍රාන්ත රජය විසින් අරමුදල් සපයන මෙම නව සහන පැකේජය ඊශ්‍රායල-හමාස් සහ යුක්රේන ගැටුම්වලින් පලා යන මිනිසුන්ට උපකාර වනු ඇතැයි ඔහු සඳහන් කළා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »