යුරෝපා සංගමය විසින් ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත් අපනයනය කිරීම අවහිර කරයි!

කොරොනා වයිරස් එන්නත් අපනයනය අවහිර කිරීමට යුරෝපා සංගමය පියවර ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීම බොහෝවිට ප්‍රමාද වීමට හැකි බවට සඳහන්.

සමහර රටවලට කොරෝනා වෛරස් එන්නත් බෙදා හැරීම​ අවහිර කරන බවට යුරෝපා සංගමය තර්ජනය කිරීමෙන් පසුව ෆෙඩරල් රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ පිළිබඳ සලකා බලන ලෙසට​ ඉල්ලා සිටී.

පෙබරවාරි මාසයේ සැලසුම් කරන ලද එන්නත් නිකුත් කිරීම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් මේ පිළිබඳව ඇති උනන්දුව ලෝක සෞඛ්‍ය සංවිධානයට තහවුරු කලේය​.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් ඕස්ට්‍රේලියාවට එන්නත සැපයීම සහතික කිරීම සඳහා සියලු වගකිවයුතු පියවර ගනිමින් සිටින බව සඳහන්.

සැපයුම් වල හිඟතාවයන් නිසා මෙලෙස කොරෝනා එන්නත් බෙදා හැරීමේදී ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ලැයිස්තුවකට ඖෂධ සමාගම් වන ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන එන්නත් සඳහා යුරෝපා සංගමය විසින් මෙලෙස අපනයන සීමාවන් පනවා ඇති බවට සඳහන් වේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »