ඔස්ට්‍රේලියාවේ කලාප දෙකකට සුළි කුණාටු අවදානමක්

ඔස්ට්‍රේලියාවේ කලාප දෙකකට සුළි කුණාටු අවදානමක් පිළිබද කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

නොදන් ටෙරිටරි සහ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තවලට අද නිවර්තන සුළි කුණාටුව ඇතිවීමේ සම්භාවිතාව සියයට 55ක් පමණ වන බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය ඇස්තමේන්තු කර ඇත්තේ.

නොර්ත් ටෙරිටරි සිට ක්වින්ස්ලන්ඩ් දක්වා වූ ප්‍රදේශයට සුළි කුණාටු අවදානම පවතින අතර ජනතාවට මේ පිළිබද අවධානයෙන් පසුවන්නැයි දැනුම් දී තිබෙනවා.

මෙම සුළිකුණාටු අවදානම දරුණු නිවර්තන සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුවහොත් එම සුළි කුණාටුව මේගන් ලෙස නම් කෙරෙනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළා.

සුළි කුණාටුවත් සමග ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් ද පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කර තිබෙනවා.

එසේම මෙම වසරේ ජනවාරි පළමුවනදායින් පසු බ්‍රිස්බේන්හි වාර්තාගත අවම උෂ්ණත්වයක් පසුගිය බදාදා දිනයේ වාර්තාවී ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 19.8ක් ලෙසයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »