ඔස්ට්‍රේලියාවේ විශේෂ සේවක කණ්ඩායමකට වැටුප් වැඩි වීමක්

ඒජ්ඩ් කෙයා (Aged care) රැකියාවන්හි නියුතු ඔස්ට්‍රේලියානුවන්ට සියයට 28ක වැටුප් වැඩි කිරීමක් ලබා දීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

වයෝවෘද්ධ පුද්ගලයින්ට රැකවරණය ලබාදීම ගෞරවාන්විත රැකියාවක් වන අතර මෙලෙස වැටුප් වැඩි කිරීමෙන් එම සේවා දිරිමත් වන බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ.

ඔම්බුට්ස්මන් කාර්‍යාලය Aged care රැකියාවන්හි නියුතු ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිකරදීම සම්බන්ධයෙන් එකඟතාව පල කර ඇති අතර එම සේවාවන්හි නියුතු සේවකයින් ලක්ෂ 4 කට මෙම වැටුප් වැඩිවීමේ දීමනා හිමිවනු ඇති.

2020 වසරේ දී සෞඛ්‍ය සේවා සංගමය විසින් සියයට 25ක වැඩිවීමක් සඳහා ඉල්ලීම් ඔම්බුට්ස්මන්වරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර වසර හතරකට පසු එම ඉල්ලීම් ඉටුවීම සුවිශේෂී කරුණක්.

පුද්ගලික රැකවරණ සපයන්නන් හට සියයට 18.2ත් 28.5ත් අතර වැටුප් වැඩිවීමක් හිමි වන අතර, නිවසේ සිට වැඩිහිටියන් රැකබලාගන්නන් හට සියයට 15ත් 26ත් අතර වැඩිවීමක් ලබා ගැනීමට හැකි වනු ඇති.

මෙලෙස වැටුප් වැඩිවීමක් ලැබීම Aged care සේවකයින් ලද ඓතිහාසික දියුණුවක් වන අතර වයස්ගත පුද්ගලයින් රැකබලාගන්නන් හට අභිමානයෙන් යුතුව තම සේවාවල නිරතවීමට මහඟු අවස්ථාවක් බවද විචාරකයන් පෙන්වා දෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »