ගාසා තීරයට ආධාර ලබාදීම ඔස්ට්‍රේලියාව යළි අරඹයි

ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර සඳහා ඔස්ට්‍රේලියා ඩොලර් මිලයන 6ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන් සඳහන් කළේ ගාසා තීරයේ සිටින පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතින්ගේ සහන වැඩසටහනට තවත් අරමුදල් ඉදිරියේ දී ලබාදීමට ඔස්ට්‍රේලියාව සුදානම් බවයි.

එක්සත් ජාතීන්ගේ රීලිෆ් ඇන්ඩ් වර්ක් ඒජන්සි (Relief and work agency) හරහා විනිවිධභාවයකින් යුතුව විවිධ රටවල්වලින් ලබා දෙන ප්‍රතිපාදන අදාළ අංශ වෙත ලබා දෙන බව ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් අවධාරණය කර තිබෙනවා.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් ඔස්ට්‍රේලියානු නිලධාරීන් පිරිසකට සිදු කළ චෝදනා හමුවේ ප්‍රතිපාදන ලබාදීම ඔස්ට්‍රේලියාව අත් හිටුවා තිබුණා.

විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන් සදහන් කළේ 1951 වසරේ සිට ඔස්ට්‍රේලියාව එක්සත්ජාතින්ගේ සංවිධානයේ සාමජිකත්වය ලබා ගත් දා සිට Relief and work agency අරමුදලට ප්‍රතිපාදන අඛණ්ඩව ලබා දුන් බවයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමග වාර්ෂිලව ලබා දෙන අරමුදල ඩොලර් මිලියන 20 ඉක්මවා තිබුණා.

ඔස්ට්‍රේලියාවට එල්ලවූ චෝදනා මත මෙවර ප්‍රතිපාදන වෙන් කිරීම අත් හිටූවනු ලැබුවා ද යළිත් එම අරමුදල් ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය එකඟ වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

යුරෝපා සංගමය, කැනඩාව සහ ස්වීඩනයද එක්සත් ජාතීන්ගේ Relief and work agencyය වෙත අරමුදල් ලබා දීම අත් හිටුවා තිබූ අතර නැවත වරක් එම අරමුදල් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »