ඔස්ට්‍රේලියාව තුළ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් ලභ ලබා ගැනීම පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ස්මාර්ට් බිස්නස් ප්ලෑන්ස් ඔස්ට්‍රේලියා (Smart Business Plans Australia) ආයතනය විසින් මෙම වාර්තව එළිදක්වා ඇති අතර ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකාය සහ අරමුදල් පිළිබඳ මෙහිදි අවධානය යොමුකර තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියාව යනු නව ව්‍යාපාර පවත්වාගෙන යාමට ප්‍රවේශ විය හැකි, ව්‍යාපාරික පරිසරයක් හිමි රටක් ලෙස ලොව පුරා ප්‍රචලිතව තිබෙනවා.
රජය විවිධ ප්‍රදාන ඔස්සේ කුඩා ව්‍යාපාර දිරි ගැන්වීමක් සිදු කරන අතර ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා සරල භාණ්ඩ සහ සේවා බදු ක්‍රමයක් මෙන්ම සරල ව්‍යාපාර අංක සැකසුම් (ABN) ක්‍රමයක් පැවතීම ද කුඩා ව්‍යවසායකයින්ට පහසු වනු ඇති.
ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදි දේපල අයිතිවාසිකම්, බුද්ධිමය දේපල කරුණු මෙන්ම ඊට අදාළ වගකීම්වලට එම ව්‍යාපාර යටත්විය යුතු අතර ඒ සඳහා වූ නීති ආරක්ෂා කිරීම වැදගත් බව Smart Business Plans Australia ආයතනය පවසනවා.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර ව්‍යුහය පිළිබඳ අවබෝධය ලබා ගැනීම වැදගත්වන අතර තනි ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස එය ආරම්භ කළ හැකියි.
ව්‍යාපාරයේ සැලැස්ම, ආරම්භ කරන ප්‍රදේශය අනුව පවතින නීති රාමු වෙනස් වන අතර තම සමාගම් සන්නාමය ලියාපදිංචි කර ගැනීම ද අනිවාර්ය වනු ඇති.
ව්‍යාපාරය ලියාපදිංචි කර දේශීය නීති හා රෙගුලාසිවලට අනුකුල බව සහතික කිරීම වැදගත් වනවා.
ඔබ අයත් ප්‍රාන්තයේ වෙබ් අඩවිවලට පිවිස ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික අංකයක් ලබා ගැනීමේ පහසු ක්‍රමවේදයක් පවතින බව ද නව ව්‍යාපාරිකයින්ට දැනුම් දෙනවා.
සියලුම වර්ගවල ව්‍යාපාර ඔවුන්ගේ ආදායම ඩොලර් 75000 ඉක්මවන්නේ නම් භාණ්ඩ සහ සේවා බදු සදහා ලියාපදිංචි (GST) වීම ද අනිවාර්ය බවයි දැනුම් දී ඇත්තේ.