Search

ඔස්ට්‍රේලියාවේ තනි වූ දෙමව්පියන්ගෙන් අලුත් සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ තනිව වෙසෙන මව් පියන් නොහොත් single parents ලෙස හඳුන්වන පිරිස් තම නිවාස කුලී පදනමට ලබා දීමට සැලසුම් කරමින් සිටින බවට සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

පවතින ජීවන වියදම හමුවේ තනිව නිවසක් තුළ දරුවන් සමග වාසය කිරීම වියදම් අධික වීම හේතුවෙන් නිවසෙහි කොටසක් කුලී පදනමට ලබා දීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

දරුවන් දෙදෙනෙකු සමග තනිව වෙසෙන මවක් ප්‍රකාශ කර ඇත්තේ එලෙස තම නිවසෙහි කොටසක් කුලියට දීම මගින් දරුවන්ගේ වියදම් පියවා ගැනීමට හැකිවනු ඇති බවයි.

එම කුලී මුදල් මගින් තනි දෙමාපියන්ගේ මූල්‍ය ආතතියට පිටිවහලක් ලැබෙන බව ද ඔවුන් සඳහන් කර තිබුණා.

තනිව වෙසෙන දෙමාපියන් ද තනි නිවාසවලින් වෙන්වී කුලී නිවාස වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේ වෙතත් තනි මව්පියන්ට මෙලෙස කුලී පදනම මත නිවාස ලබා දීම අවදානම් බව ඇතැම් කුලී නිවාස හිමියන් පවසනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය දත්ත අනුව ඔස්ට්‍රේලියානුවන් මිලියන 1.5කට වඩා තනි දෙමාපිය පවුල් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

එම පවුල්වලින් වයස අවුරුදු 15ට අඩු යැපෙන්නෙකු සිටින තනිදෙමාපිය පවුල් ලක්ෂ 5 ඉක්මවා ඇති බව සඳහන්.

Relationships Australia ප්‍රධාන විධායක එලිසබෙත් ශෝ ප්‍රකාශ කලේ තනි දෙමාපිය පවුල් පවතින ජීවන අර්බුදය හමුවේ තම මූල්‍ය ප්‍රශ්න විසදීම සදහා විවිධ ක්‍රම අත් හදා බලන බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »