Search

වික්ටෝරියා ප්‍රාන්තයේ උත්සවයකට ගිය පිරිසක් අතර රෝගයක් පැතිර යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ දින පහක් පුරා පැවති එසෝටරික් උත්සවයට සහභාගී වූ 120 දෙනෙකු පමණ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම උත්සවයට සහභාගී වූවන්ට සෞඛ්‍ය අංශ දැනුම්දී ඇත්තේ ගැස්ට්‍රික් ඇතුළු ආමාශයේ ආසාධන තත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි.

පසුගිය සිකුරාදා සිට අඟහරුවාදා දක්වා ඩොනල්ඩ් නගරයේ පැවති උත්සවයට සහභාගී වූ නරඹන්නන් 120 දෙනෙකුට ආමාශගත විවිධ රෝග ලක්ෂණ වාර්තා කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගත වුවන් අතර හදිසියේ ඇති වූ පාචනය, උණ, ඔක්කාරය, වමනය සහ උදරයේ කැක්කුම වැනි රෝග ලක්ෂණ දැකිය හැකියි.

උත්සවයට සහභාගී වූ සහ මෙවැනි රෝග ලක්ෂණ සහිත ඕනෑම අයෙකු වහාම පරීක්ෂණ සඳහා යොමු වන ලෙසටයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

වික්ටෝරියා හි වැඩබලන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි බෙන් කෝවි ප්‍රකාශ කළේ මෙම ආසාදනය ඉතා ඉක්මනින් බෝවන අතර මුඛ මාර්ගයෙන් හෝ දූෂිත ආහාර හරහා සම්ප්‍රේෂණය විය හැකි බවයි.

උත්සවයේ සංවිධායකයින් ද මෙම වසංගත තත්වය පාලනය කිරීමට සඳහා ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය ඒකකය සහ වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන බව සඳහන්.

යහපත් සනීපාරක්ෂාව මගින් රෝගී තත්වය පැතිරීම වැළැක්විය හැකි අතර ආහාර පරිහරණය කරන්නෙකු, ළමාරක්ෂක සේවකයෙකු, සෞඛ්‍ය සේවකයෙකු හෝ නේවාසික ස්ථානයක සේවකයින් ලෙස කටයුතු කරන ආසාදිතයන් වෛද්‍ය උපදෙස් ලැබෙන තෙක් නැවත සේවයට නොයා යුතු බවට ද දැනුම් දී තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »