විදෙස් සිසුන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියානුවන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් මෙරට ආර්ථිකයට වැඩි දායකත්වයක් ලැබී ඇති බව නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා.

නැෂනල් ඔස්ට්‍රේලියා බෑන්ක් (National Australia Bank) විසින් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තා අනුව වත්මන් දළ දේශීය නිශ්පාදිතයෙන් අඩකට වැඩි දායකත්වයක් ජාත්‍යන්තර සිසුන්ගෙන් ලැබෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර ශිෂ්‍ය විසා අනුමැත කිරීම පහත වැටීමත් සමග පවතින දායකත්වය පහත වැටෙනු ඇති බවයි National Australia Bank බැංකුව පුරෝකතනය කර ඇත්තේ.

2023 වසරේ දී ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර සිසුන් විසින් ලබා දී ඇති අතර වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය ඉහළ යෑම මෙරට ආර්ථිකයට තදින් බලපානු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

2023 වසරේ දෙසැම්බර් මාසයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 1.5ක් වන අතර එහි වැඩි දායකත්වයක් විදේශ සිසුන්ගෙන් ලැබී ඇති බව සඳහන්.

නැෂනල් ඔස්ට්‍රේලියා බෑන්ක්හි ආර්ථික විද්‍යාඥයින්ගේ ජාතික ගිණුම් සංඛ්‍යා විශ්ලේෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 0.8ක දායකත්වයක් දළ දේශීය නිශ්පාදනයට ලැබෙන බව හෙළි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »