ලොව වැඩිම YouTube පරිශීලකයින් සිටින රට ලෙස යළිත් වරක් ඉන්දියාව පත්ව තිබෙනවා. ඒ පරිශීලකයින් මිලියන 462ක් සමගින්.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය පරිශීලකයන් මිලියන 239ක් සිටින ඇමරිකා එක්සත් ජනපදයට සහ තුන්වන ස්ථානය මිලියන 114ක පරිශීලකයන් සිටින බ්‍රසීලයටයි හිමිවී ඇත්තේ.
2024 වසරේ YouTube භාවිතයේදී ඔස්ට්‍රේලියාව සියයට 86.5ක වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව සඳහන්.
ඔස්ට්‍රේලියාව වැඩිම YouTube පරිශීලකයින් පිරිසක් සිටින ශ්‍රේණිගත කිරීමේ ඉහළට නොපැමිණිය ද වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් සහිත රටවල් අතර 15වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍යය YouTube පරිශීලනය කරන කාලසීමාව අනුව මිලියන 56.2ක පිරිසක් සමගින් ශ්‍රේණිගත කිරීමේ 12වන ස්ථානයට පත්ව තිබෙනවා.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍ය වැඩිම YouTube නැරඹුම් සංඛ්‍යාවකට හිමිකම් කියන රාජ්‍ය බවට පත්ව තිබෙන අතර එම අගය සියයට 98.7ක් ලෙස සටහන් වුණා.
ඉන්දුනිසියාව ලොව වැඩිම YouTube පරිශීලකයින් සිටින ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයටත් මෙක්සිකෝව පරිශීලකයින් මිලියන 83.1ක් සමග පස්වන ස්ථානටත් පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ YouTube පරිශීලක ධාරිතාව සියයට 36.41ක් වන අතර ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් භාවිත කරන ජනප්‍රිය සමාජ මාධ්‍ය අතර එය දෙවන ස්ථානයට පත්ව ඇති බව ද සංඛ්‍යා දත්ත පෙන්නුම් කරනවා.