Search

මිලියන 10ක දඩයක් වදින අලුත් නීතියක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්

ඇස්බැස්ටෝස්වලින් පරිසර දුෂණයට දායක වන සමාගම්වලට ඩොලර් මිලියන 10ක් දක්වා දඩ නියම කළ හැකි නව නීතියක් සම්මත කර ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සූදානම් වනවා.

සිඩ්නි නුවර පුරා ස්ථාන 49ක් ඇස්බැස්ටස්වලින් දුෂිත බවට පරීක්‍ෂා කර ඇති අතර, ඉන් 6ක් මාරාන්තික ෆ්‍රයර්බල් ඇස්බැස්ටස් (friable asbestos) අඩංගු බවටයි පරිසර ආරක්ෂණ අධිකාරිය හෙළි කරගෙන ඇත්තේ.

පුලුල්ව පැතිරී ඇති මෙම ඇස්බැස්ටස් දූෂණය හමුවේ ප්‍රාන්තයේ රෙගුලාසිවල දුර්වලතා සහ හිඩැස් හෙලිදරව් කර ඇති අතර, එම අර්බුධය ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථාවකින් විසඳනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නව නීතිවලට අනුව, නීතිවිරෝධී ලෙස ඇස්බැස්ටෝස් බැහැර කිරීම සම්බන්ධයෙන් සමාගම්වලට ඩොලර් මිලියන 10ක් සහ අනෙකුත් ඇස්බැස්ටෝස් සම්බන්ධ දඬුවම් සඳහා ඩොලර් මිලියන 4ක් දක්වා දඩ නියම කළ හැකියි.

ළමා සුරැකුම් මධ්‍යස්ථාන, රෝහල් සහ පාසල් ඇස්බැස්ටස්වලින් දූෂණය කරන්නන් සඳහා ද සම්බාධක හඳුන්වා දෙනු ඇති.

පනත කඩිනමින් සම්මත කළහොත් ඇස්බැස්ටෝස් දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් ලැබෙනු ඇති බවයි ප්‍රාන්ත පරිසර අමාත්‍යවරිය සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »