සුනඛයන් වර්ග 23ක් තහනම් කෙරේ

සුනඛයන්ගෙන් මිනිස් ජීවිතවලට එල්ල වන තර්ජන සහ සුනඛ සපා කෑම් ඉහළ යාම හේතුවෙන් සුනඛ වර්ග 23ක් තහනම් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත රජයන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති එම සුනඛ වර්ග සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් මධ්‍යම රජය සියලු ප්‍රාන්ත වෙත මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සතුන් අභිජනනය සඳහා බලපත්‍ර ලබා දීමෙන් හෝ අභිජනනය කිරීමෙන් වළකින ලෙස ද සත්ව පාලන දෙපාර්තුමේන්තුව අවධාරණය කර තිබෙනවා.

මෑතකදී ඉහළ ගොස් ඇති සුනඛ සපා කෑම් සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමිනුයි භයානක යැයි සැලකෙන ඇතැම් සුනඛ වර්ග ආනයනය, විකිණීම සහ අභිජනනය මෙලෙස තහනම් කර ඇත්තේ.

මෙම තහනම් සුනඛ වර්ග අතරට පිට්බුල්, රොට්වයලර්, කානේ කෘසෝ, ටේරියර්, ඇමරිකන් බුල්ඩෝග් සහ මස්ටෆ් ඇතුළත්.

අදාළ සුනඛ වර්ග 23 භයානක පමණක් නොව, ඔවුන්ගේ ප්‍රහාර මිනිසුන්ගේ මරණයට හේතුවක් විය හැකි බවටයි මධ්‍යම රජය අනතුරු අඟවා ඇත්තේ.

මෙම තහනම් සුනඛයන් විකිණීම හෝ බෝ කිරීම සඳහා පුද්ගලයින්ට බලපත්‍ර හෝ බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙස සත්ව පාලන දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබෙනවා.

මෙම ලැයිස්තුවට අයත් සුනඛ වර්ග සිටීනම් එම සුනඛයින්ගෙන් තවදුරටත් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදු කළ යුතු බවට ද නියෝග කර ඇතැයි සඳහන්.

තහනම් කර ඇති සුනඛ විශේෂ,

1. Pitbull Terrier 2. Tosa Inu 3. American Staffordshire Terrier 4. Fila Brasileiro 5. Dogo Argentino 6. American Bulldog 7. Boesboel 8. Kangal 9. Central Asian Shepherd Dog 10. Caucasian Shepherd Dog 11. South Russian Shepherd Dog 12. Tornjak, Sarplaninac 13. Japanese Tosa and Akita 14. Mastiffs 15. Rottweiler 16. Terriers 17. Rhodesian Ridgeback 18. Wolf Dogs 19. Canario 20. Akbash 21. Moscow Guard 22. Cane Corso 23. Bandog

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »