
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළට ගොඩ ගසා තිබු කිලෝග්‍රෑම් එකක් පමණ බරකින් යුත් කොකේන් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පසුගිය මාස තුනක කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 256ක් ප්‍රාන්තයේ වෙරළ තීරයේ තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙවැනි මත්ද්‍රව්‍ය පාර්සල් පසුගිය දෙසැම්බර් මාසයේ සිට නිව් සවුත් වේල්ස් වෙරළට සහ වික්ටෝරියා වෙත වැඩි වශයෙන් පැමිණෙමින් ඇති බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මේ ආකාරයෙන් සිදු වන නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයට සහාය වීම සඳහා අපරාධ අංශයේ රහස් පරීක්ෂකයින් ජනතාවගෙන් ද තොරතුරු ඉල්ලා තිබෙනවා.
පළමු කොකේන් තොගය දෙසැම්බර් 22 වනදා මැජෙන්ටා වෙරළ තීරයෙන් සොයා ගත් අතර එතැන් සිට නීතිවිරෝධී ද්‍රව්‍ය අඩංගු පාර්සල් ගණනාවක් වෙරළ තීරයේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ වෙරළ තීරයන්හි වෙරළ ආසන්නයෙන් සොයා ගනු ලැබුවා.

මෙතෙක් සොයාගෙන ඇති සියලුම මත්ද්‍රව්‍ය පාර්සල් සති හයකට වඩා වැඩි කාලයක් ජලයේ තිබී ඇති බවටයි විශ්ලේෂණ මගින් තහවුරු කරගෙන ඇත්තේ.