ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත් ජනතාවට ලබා දීම ආරම්භ වේ!

ඉන්දියාවෙන් පිරිනැමුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ(29) දිනය තුළ පුද්ගලයින් 5,286 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, යුද හමුදා රෝහල, පනාගොඩ යුද හමුදා කඳවුර, ලේඩි රිජ්වේ ළමා රෝහල, හෝමාගම මුලික රෝහල, මුල්ලේරියාව මුලික රෝහල, IDH රෝහල, වැලිසර නාවික හමුදා කඳවුරේ දී මෙලෙස එන්නත් කරන වැඩසටහන ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙම එන්නත ලබාදීමෙන් පසු කිසිදු අතුරු ආබාධයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවූ බවත් අද​ දිනයේදී ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල ඉදිරි පෙලේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සාමාජිකයින් හට කොවිඩ් 19 එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට ද කොවිඩ් -19 එන්නත ලබාදීම සිදුනොකරන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා කියා සිටියේ. ඒ මෙම එන්නත් එවැනි වයස් සිමාවේ පසුවන දරුවන්ට හෝ ගර්භනී කාන්තාවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර නොමැති නිසාය​.

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »