ලොතරැයියක් ළඟ තියෙනවා කියලා වත් මතක නැති පුද්ගලයෙකුට ඩොලර් මිලියන 40ක ත්‍යාගයක්

සිඩ්නි නුවර පුද්ගලයෙකු පවර් බෝල් ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක ත්‍යාගයක් දිනාගෙන තිබෙනවා.

ෆෙයාර්ෆීල්ඩ්හි පදිංචි බවට අනාවරණ වී ඇති මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ පැවති දිනුම් ඇදීමේදී මෙම ත්‍යාගය දිනා ඇති බව සඳහන්.

ජයග්‍රහණයත් සමග ලොතරැයි බලධාරීන්ගෙන් ලැබුණු ඇමතුම් ද ඔහු නොසලකා හැර ඇත්තේ මෙම සිදුවීම විහිළුවක් බවට උපකල්පනය කරමින්.

එම ඇමතුම් ලැබෙන තෙක් තමා සතුව ඊයේ දිනුම් ඇදීමට අදාළ ටිකට් පතක් ඇති බව හෝ ඔහුගේ මතකයේ නොතිබීම විශේෂත්වයක්.

නිර්නාමිකව සිටින මෙම පුද්ගලයා ලොතරැයි නිලධාරීන්ට සඳහන් කර ඇත්තේ මීට පෙර ලොතරැයි ලබාගෙන ඒ සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටිය ද මෑත කාලීනව ඒ පිළිබඳ සිතීමට හෝ කාලයක් නොතිබූ බවයි.

තමන්ට මෙම ජයග්‍රහණයෙන් සිනහවක් ගෙනා ආකාරයෙන් අනෙක් ලොතරැයි හිමියන්ගේ මුහුණු මත ද සිනහවක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

ඔහු නිලධාරීන්ට පැවසුවේ මෙම මුදල් සම්බන්ධයෙන් තීරණය කිරීමට පෙර තම නිවසට ගෙවිය යුතු මුදල් පියවීමට සහ කොටසක් අන් අයට උපකාර කිරීමට භාවිතා කිරීමට සැලසුම් කරන බවයි.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා ඩොලර් මිලියන 552කට වඩා වටිනා Powerball ලොතරැයි ජයග්‍රහණ 20ක් වාර්තා වී තිබුණා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »