ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණියන් ගැන කවුරුත් නොදන්න දෙයක් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 24ත් අතර සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක අයෙක්ම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන බව හඳුනාගෙන තිබෙනවා.

මද්‍යසාර භාවිතාව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය වන අතර සෑම ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් තිදෙනෙක් තමන් පසුගිය මාස 12 තුළ මත්පැන් පානය කර ඇති බව පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන් එක අයෙක් අධික මාත්‍රාවෙන් මත්පැන් පානය කරන අතර එම එම ප්‍රමාණය සියයට 31ක්.

අධික ලෙස මත්පැන් පානය කරන පිරිමින්ගේ ප්‍රමාණය 2007 වසරේදී සියයට 50ක් වූ අතර එය 2022 වසර වනවිට සියයට 39 දක්වා පහල බැස තිබෙනවා.

සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව වැඩි වශයෙන් සිදු කළ ද වර්තමාන දත්ත පෙන්වා දෙන්නේ වයස 18ත් 24ත් අතර තරුණියන් ද පිරිමින් හා සමානවම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි.

මේ අතර 2022 සහ 2023 කාල වලදී වයස අවුරුදු 14ට වැඩි සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක අයෙක්ම එක වරක් හෝ e – සිගරට් භාවිතා කර ඇතිබව හෙළිව තිබෙනවා.

එම වයස් කාණ්ඩයේ පුද්ගලයින් ගෙන් හරි අඩක් පමණ ඒ සිගරට් අත්හදා බලා ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »