සංක්‍රමණිකයින්ගේ රැකියා ගැන ඔස්ට්‍රේලියා රජයෙන් තීරණයක්

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

රට තුළ සිටින පුහුණු ශ්‍රමිකයින්ගෙන් වැඩි වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවයි ඔස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටු වාර්තා පෙන්වා දෙන්නේ.

විදෙස් සංක්‍රමණිකයින්ගේ හැකියා සහ කුසලතා, පවතින ශ්‍රම හිඟය සඳහා යොදා ගැනීමට අවධානය යොමු කළ යුතු බව ද එම වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

කමිටුවෙහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඇන්ඩෲ බාර්කර් පවසන්නේ මෑත කාලීන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවේ උපන් ශ්‍රමිකයන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු ආදායමක් උපයන බවයි.

බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිපුණතා මට්ටමට වඩා අඩු රැකියාවල නිරතව සිටින බවද සඳහන්.

දුර්වල ඉංග්‍රීසි කුසලතා සහ නිපුණතා හඳුනාගැනීමේ ඌනතාවය හේතුවෙන් සංක්‍රමණිකයින් මෙලෙස අඩු වැටුපට සේවය කරන බවයි වාර්තා වන්නේ.

සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තවමත් ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බව හෙළිව තිබෙනවා.

වසර දෙකේ සිට හය දක්වා ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයන් සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ උපන් ශ්‍රමිකයන්ට වඩා සියයට 10කට වඩා අඩු ආදායමක් උපයන බව සඳහන්.

මේ හේතුවෙන් සංක්‍රමණ පද්ධතිය ඔස්ට්‍රේලියාවේ ඵලදායිතාව පහළ ඇද දැමිය හැකි බැවින් සංක්‍රමණිකයින්ගේ ශ්‍රම ඵලදායිතාව සහ වැටුප් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටයි රජයේ සැලසුම වී ඇත්තේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »