මිලියන තුනකට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් මේ වසරේ ඔවුන්ගේ සෞඛ්‍ය රක්ෂණය අලුත් කර නොමැති බව ෆයින්ඩර් අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් 1070 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ ෆයින්ඩර් සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 16ක් 2024 දී ඔවුන්ගේ සෞඛ්‍ය රක්‍ෂණ අවලංගු කිරීමට අදහස් කරන බවයි.
තමන් සෞඛ්‍ය රක්‍ෂණකරු සමඟ රැඳී සිටීමට සැලසුම් කරන අතර තවත් සියයට 15ක් ප්‍රකාශ කර ඇත්තේ ලාභදායි රක්ෂණයක් වෙත මාරුවීමට සැලසුම් කරන බවයි .
මෙලෙස රක්ෂණ වාරික නොගෙවූ පිරිස අතර පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් සියයට 18ක ප්‍රමාණයක් වන අතර එම අගය පිරිමි පුද්ගලයින් අතුරින් වාර්තා වන්නේ සියයට 14ක් ලෙසයි.
තරුණ ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ සෞඛ්‍ය ආවරණය අත්හැරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මිල අධික බව ඊට ප්‍රධාන හේතුවක්.
සමික්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 58ක් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය රක්‍ෂණ තෝරා ගැනීමේදී වාරික මිල ගණන් වැදගත්ම සාධකය වන බවයි.
Finder විශ්ලේෂණයට අනුව 2000 වසරේ සිට සෞඛ්‍ය රක්ෂණයේ පිරිවැය සියයට 204කින් වැඩි වී තිබෙනවා.
වසරකට ඩොලර් 1000 කව පැවති රක්ෂණ අගය දැන් ඔබට ඩොලර් 3038ක් ලෙස ඉහළ ගොස් ඇතැයි සඳහන්.
පසුගිය සතියේ රජය නිවේදනය කළේ සෞඛ්‍ය රක්‍ෂණ වාරික අප්‍රේල් මාසයේදී සාමාන්‍ය සියයට 3.03 කින් ඉහළ යනු ඇති අතර එය වසර 5 ක විශාලතම වැඩිවීම සනිටුහන් කරන බවයි.
මෙම වසරේ වෛද්‍ය සහ රෝහල් සේවාවල පිරිවැය සියයට 5.9 කින් ඉහළ ගොස් තිබුණා.
කෙසේ වෙතත් වැඩිහිටි පුද්ගලයින් තවමත් තරුණ ඔස්ට්‍රේලියානුවන්ට වඩා ඉහළ අනුපාතයකට රක්ෂණ ලබා ගැනීමට නැඹුරු වන අතර රක්‍ෂිත ජනගහනයෙන් සියයට 40ක් වයස අවුරුදු 60ට වැඩි අය වීම විශේෂත්වයක්.