Search

ඔස්ට්‍රේලියාවේ Game ගහන අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියානු විඩියෝ ගේම් පරිශීලකයින් හට නව මුහුණුවටරක් ගෙන දෙමින් විශාලතම ක්‍රීඩා ඉසව්වක් වන DreamHack AU වෙත නැවත ප්‍රවේශවීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඉදිරි වසරවලදී මෙල්බර්න් නුවර මේ සඳහා ඉඩ ප්‍රස්ථා විවර කිරීමට අදාළ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

Visit Victoria සමඟ ඇති නව හවුල්කාරිත්වය මත මේ සදහා සත්කාරය ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරනවා.

Dream Hack AU හි නිෂ්පාදන ප්‍රධානී බෙන් ග්‍රීන් සදහන් කළේ Dream Hack යනු ක්‍රීඩකයින් සඳහා පමණක් නොව ක්‍රීඩාවේ සෑම අංශයකම රසිකයින්ට එකට එකතු වීමට සහ විනෝද වීමට අවස්ථාව උදා වන බවයි.

මෙල්බන්හි පැවැත්වෙන දැවැන්ත උත්සව තුළ නව විඩියෝ ගේම් සදහා අවස්ථාව ලැබෙනවා.

අප්‍රේල් 26 සිට 28 දක්වා ඊට අදාළ ප්‍රවේශපත්‍ර බෙදාදීම සිදුකෙරන අතර ඩොලර් 99 සිට ප්‍රවේශපත් මිල ගණන් ආරම්භ වනු ඇති.

අදාළ දින තුන තුළදී පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර තමන්ට අදාළ ප්‍රවේශපත්‍ර මිලදීගෙන තමන්ගේ ස්ථාන සුරක්ෂිත කරන ලෙස රසිකයින්ට දැනුම් දී තිබෙනවා.

DreamHack AU යනු ජාත්‍යන්තර විඩියෝ ගේම් කණ්ඩායමක් වන අතර ඔවුන් ලොව පුරා විවිධ කාල කලාප හයක ක්‍රියාත්මකයි.

පසුගිය වසරේද මෙම ගේමින් උත්සවය මෙල්බන්හි පැවති අතර මෙවර වැඩි දියුණු කළ ක්‍රීඩා අංශ එක්කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »