ලොව මනරම්ම වීදිය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින්

ලොව මනරම් ම වීදිය ලෙස ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි පිහිටි හයි ස්ට්‍රේට් (High Street) නම් කර තිබෙනවා.

ගෝලීය ප්‍රකාශකයෙකු වන Time Out විසින් ලොව වඩාත් මනරම් මාර්ග පිළිබඳ නිල ලැයිස්තුවක් පසුගියදා නිකුත් කර තිබුණා.

මෙම ලැයිස්තුව සම්පාදනය කිරීම සදහා Time Out සාමාජිකයින් ඒ ඒ කලාප හා නගර වීදිවල සත්‍ය නිරීක්ෂණ කටයුතුවල නිරත වූ බවයි වාර්තා වන්නේ.

එම ලැයිස්තුවේ 23වන ස්ථානය ද ඔස්ට්‍රේලියානු විදියක් හිමිකරගෙන ඇති අතර ඒ සිඩ්නිහි ෆෝස්ටර් සෙන්ට් වීදියයි. (Sydney’s Foster St)

ලොව මනරම් විදී ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය හොංකොන්හි බොලිවුඩ් රෝඩ් හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය ඔස්ටින්හි (Austin) ඊස්ට් ඉලෙවන්ත් වීදිය හිමිකරගෙන තිබෙනවා.

විදියට ප්‍රවේශ වීම, අවන්හල්, උද්‍යාන, සිනමාශාලා , වෙළදසැල් මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන්හි මනරම් බව අධ්‍යයනය කරමින් මෙම දර්ශකය නිකුත් කර ඇති බව සඳහන්.

මෙල්බර්න් හි අභ්‍යන්තර කාර්ය බහුල වීථියක් මෙලෙස නිල වශයෙන් ලෝකයේ මනරම් වීදිය ලෙස නම් කර තිබීම කාගේත් අවධානයට යොමුව තිබෙනවා.

ක්වාලාලම්පූර්හි ජලන් පෙටලීන් විදීය, ලිස්බන්හි රුආ ඩා වීදිය, රියෝද ජැනැයිරෝහි අල්නාල්ඩෝ වීදිය, ටෝකියෝහි චසාවා විදිය ද මෙලෙස ලොව මනරම් විදී අතර පළමු ස්ථාන 10ට ඇතුලත් කර තිබෙනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »