Search

කේරළ ගංජා භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ගැන අනාවරණයක්

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හමුවන නිතිවිරෝධී මත්ද්‍රව්‍ය වර්ග එකිනෙකට වෙනස් බව පොලිසිය පවසනවා.

නිව් සවුත්වේල් ප්‍රාන්තයේ සිදු කළ වැටලීම්වලදී වැඩි වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය හමුවී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ හෙරොයින් පරිභෝජනය කළ පිරිස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය රටේ වෙනත් ඕනෑම ප්‍රදේශයකට සාපේක්ෂව කේරළ ගංජා භාවියට නැඹුරුතාවක් දක්වන අතර ටස්මේනියාවෙන් වැඩි වශයෙන් හමුව ඇත්තේ MDMA යන මත්ද්‍රව්‍ය වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව පුරා පිහිටි පවිත්‍රාගාර 62ක අපද්‍රව්‍ය සාම්පල විශ්ලේෂණය කරන ලද ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසමේ (ACIC) නවතම අපජල නිරීක්ෂණ වාර්තාවේ දත්ත අනුව මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳපොල කෙබඳු ද යන්න අවබෝධ කර ගැනීමට මෙම වාර්තා වඩාත් උපයෝගී වනු ඇති.

ඇඩිලේඩ් ප්‍රාන්තය අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැඩි නැඹුරුතාවක් දක්වන බවද එම වාර්තාවේ සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ටස්මේනියාවේ මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිම වැඩිවීමක් පෙන්නුම් කරන අතර එහිදී පරිභෝජනය පිළිවෙලින් සියයට 40කින් සහ සියයට 36කින් ඉහළ ගොස් තිබෙනවා.

අපජල පරීක්ෂාවෙන් පමණ්ක් රටපුරා මත්ද්‍රව්‍ය පරිභෝජයන කෙබඳු ද යන්න කිව නොහැකි වන අතර කොපමණ ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිත කරනේද යන්න ඇස්තමේන්තු කළ නොහැකි බව ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසම පෙන්වා දෙනවා.

මෙම දත්ත මගින් රටපුරා ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාලය පිලිබඳ පුරෝකතනය කිරීමට පහසු වන බවයි සමීක්ෂකයන් ප්‍රකාශ කළේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »