27ක් පොළොව තුළ සිර කළ රන් පතල ගැන තීරණයක් ගනී

බැලරට් ප්‍රදේශයේ රන් ආකරයේ (Victoria’s Ballarat Gold Minine) සිදු වූ අනතුරින් කම්කරුවෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසු එහි මෙහෙයුම් නතර කිරීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ද පැවැත්වීමටයි WorkSafe පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කම්කරු සංගමයේ වික්ටෝරියානු ශාඛාවේ ලේකම් රොනී හේඩන් පැවසුවේ ගල් පෙරළීම සිදුවන විට කම්කරුවන් දෙදෙනෙක් “එයාර් ලෙගින්” ලෙස හඳුන්වන අතින් පතල් කැණීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටි බවයි.

අනතුරින් පසු සිරවී සිටි කම්කරුවන් 26 දෙනෙකු බේරා ගත් අතර සිරවී සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර අද පෙරවරුවේ කාර්ය මණ්ඩලය විසින් සොයා ගෙන තිබෙනවා.

21 හැවිරිදි තරුණයෙක් මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඊයේ ගුවන් මගින් ඇල්ෆ්‍රඩ් රෝහලට ගෙන යනු ලැබූ අතර ඔහු
අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව සඳහන්.

Melbourne සිට කිලෝමීටර් 116ක් පමණ බටහිර පිහිටි පතලෙහි මෙහෙයුම් කටයුතු Victory Minerals විසින් භාරගෙන මාස තුනකට පසුව මෙම අනතුර සිදු වී තිබෙනවා.

WorkSafe Victoria Health and Safety විධායක අධ්‍යක්ෂ Narelle Beer පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ ගැඹුරු පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »