ඔස්ට්‍රේලියාවේ පාඨමාලාවක් හදාරන්න බලාගෙන ඉන්න අයට සුබ පණිවුඩයක්

ගවර්නින්ග් ඉන් ද ඩිජිටල් ඒජ් (Governing in the Digital age) එනම් ‘ඩිජිටල් යුගයේ පාලනය’ පිළිබඳ ඔස්ට්‍රේලියාව විසින් පිරිනමනු ලබන කෙටි පාඨමාලාව සඳහා අයදුම්පත් භාර ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.

ඔවුන් සඳහන් කළේ මේ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින්ට australiaawardssouthasiamongolia.org හරහා අයදුම් කළ හැකි බවයි.

පාඨමාලාව හැදෑරීම සඳහා උනන්දුවක් දක්වන්නන් අප්‍රේල් 05 වන දින වන විට අයදුම් පත් යොමු කළ යුතු බවයි මහ කොමසාරිස් කාර්යාලය කියාසිටියේ.

ප්‍රතිපත්ති සංවර්ධනයේ උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කරන, දත්ත විශ්ලේෂණය කිරීමට කැමැත්තක් දක්වන අයට “ඩිජිටල් යුගයේ පාලනය” පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා අයදුම් කිරීමට හැකියි.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »