Search

බටහිර ඔස්ට්‍රේලියාවේ ළමයින් රැක බලා ගන්නත් සීමාවක්

තම දරුවන් රැකවරණය සඳහා තබා යන පැය ගණන අඩු කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියාවේ එස්පෙරන්ස්හි (Esperance) ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් දෙමාපියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

නිවාස ගැටලුව හේතුවෙන් තම ආයතනයට කාර්ය මණ්ඩලය ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමේ හැකියාවට බලපෑම් එල්ල කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

කාර්ය මණ්ඩල හිඟය සහ දිගු පොරොත්තු ලේඛනයක් සමඟ අර්බුධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස තම දරුවන් රැකවරණය සඳහා තබන පැය ගණන අඩු කරන ලෙස ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එස්පෙරන්ස්හි ලින්ගලොන්ගා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කෙලී හෝල්බන් පැවසුවේ කාර්ය මණ්ඩලයට නිවාස නොමැතිකම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.

එමෙන්ම දරුවන් 140ක් පමණ පොරොත්තු ලේඛනයේ රැඳී සිටීම ගැටලුව තවත් උග්‍ර කර ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ හේතුව මත තම දරුවා රැකවරණය සඳහා තබන පැය ගණන අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලා ඔවුන් දෙමාපියන්ට ලිපි යොමු කර තිබෙනවා.

ලින්ගලොන්ගා ළමා සුරැකුම් මධ්‍යස්ථානය යනු 14,000ක් පමණ පදිංචිකරුවන් සිටින හුදකලා වෙරළබඩ නගරයක් වන එස්පෙරන්ස්හි පිහිටි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන දෙකින් එකක්.

දැරිය හැකි මිලකට නිවාස නොමැතිකම බටහිර ඔස්ට්‍රේලියාව පුරා ළමාරක්ෂක සේවා සපයන්නන්ට මෙන්ම පවුල්වලට ද බලපෑම් එල්ල කර තිබෙනවා.

මේ අතර එස්පෙරන්ස් පොලිසිය සහ බටහිර ඔස්ට්‍රේලියා පොලිස් සංගමය තහවුරු කළේ තම නිලධාරීන්ට නිවාස නොමැතිකම ගැටලුවක් වී ඇති බවයි.

හිඟය සමනය කිරීම සඳහා නිවාස ඉදිකිරීම පිළිබඳව රජය සොයා බැලිය යුතු බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »