TikTok තහනම් වෙයි?

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් රටපුරා TikTok තහනමකට තුඩු දිය හැකි පනතක් සම්මත කර තිබෙනවා.

මෙය ජාතික ආරක්ෂක අවදානම පාලනය කිරීම සඳහා බව පවසමින් යෙදුම වෙත ප්‍රවේශය සීමා කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් මීට පෙර දරන ලද උත්සාහය යළි අනුගමනය කිරීමක් බවටයි වාර්තා වන්නේ.

අදාළ පනත සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර සෙනෙට් මණ්ඩලය තුළ සම්මත කර අදාළ ලියවිලි තමන් වෙත ලැබුණහොත් ඊට අත්සන් කරන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

TikTok ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම පනත TikTok සමාජ මාධ්‍ය තහනම් කිරීමක් වන අතර මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර සිය ඡන්දදායකයින්ට සවන් දෙන ලෙස සෙනෙට් සභිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

TikTokහි හිමිකරු බයිට් ඩාන්ස් සමාගම චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධතා ඇති අයෙක් බව ඇමරිකානූ නීති සම්පාදකයින් පවසනවා.

මෙම පනත සම්මත වුව හොත් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන බයිට් ඩාන්ස් සමාගමට මාස හයක් ඇතුළත යෙදුමේ කොටස් විකිණීමට හෝ එක්සත් ජනපදයේ තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද 2020 වසරේදී TikTok තහනමක් පැනවීමට උත්සහ කළ ද එය අසාර්ථක වී තිබුණා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »