යකඩ පෙනහළු නිසා ජීවිතය ජය ගත් පෝල් අවසන් ගමනේ

තම ජීවිතයේ ළමා අවධියේදී පෝලියෝ රෝගය වැළඳීමෙන් පසු දශක ගණනාවක් පුරා යකඩ පෙණහලු භාවිත කරමින් ජීවිතය ගෙන ගිය 78 හැවිරිදි ටෙක්සාස් ජාතිකයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තම වසර 78ක ජීවිත කාලය යකඩ පෙනහළු කුටියක් භාවිත කරමින් සිටි පෝල් ඇලෙක්සැන්ඩර් සමාජ මාධ්‍ය තුළ ද විශාල අනුගාමික පිරිසක් ගොඩනඟා ගෙන සිටි බව සඳහන්.

1940 වසරේ පෝලියෝ රෝගය වැළඳුණු ඔහු ජීවිතය පිළිබඳ වූ බලාපොරොත්තු අත්හැර නොදමා නීති උපාධියක් ලබා ගැනීම දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබුණා.

පෝල් ඇලෙක්සැන්ඩර් සඳුදා ඩලාස් රෝහලකදී මිය ගිය බව ඔහුගේ දිගුකාලීන මිතුරෙකු වන ඩැනියෙල් ස්පින්ක්ස් ප්‍රකාශ කළ අතර COVID අසධනයෙන් මෑතකදී රෝහල් ගත කර තිබුණ ද මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

යකඩ පෙණහලු භාවිතා කිරීමට පටන් ගන්නා විට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු හයක්.

1978 දී ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් සහ 1984 දී නීති උපාධියක් ලබා ගත් ඇලෙක්සැන්ඩර් දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ මිනිසෙක් බව ඔහුගේ රියදුරා ලෙසට ද කටයුතු කළ මිතුරා සඳහන් කර තිබෙනවා.

බෙල්ලේ සිට පහළට අංශභාග රෝගයෙන් පෙළුණු ඇලෙක්සැන්ඩර්ව අධිකරණයට ගෙන යන අතර පසුව ඔහුගේ රෝද පුටුවෙන් අධිකරණ කටයුතුවලට රැගෙන යන බවයි ස්පින්ක්ස් කියාසිටියේ.

ඔහුට යකඩ පෙණහළු නොමැතිව පැය හතරක් හයක් අතර කාලයක් ගත කළ හැකි වූ අතර තම කාර්යාලයේ හෝ නිවසේ සිටින විට යකඩ පෙණහලු ආධාරයෙන් සිටි බව සඳහන්.

කෙසේවෙතත් වයස්ගත වන විට තම පෙනහළුවලින් හුස්ම ගැනීමේ අපහසුතා වැඩි වීම හේතුවෙන් යන්ත්‍රාණුසාරයෙන් ක්‍රියාත්මක පෙනහළු වෙත ස්ථිරවම ගමන් කර තිබුණා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »