ඔස්ට්‍රේලියාවේ ඉන්න විදෙස් රියදුරු බලපත්‍ර හිමියන්ට ඉදිරියේදී කරන්න වෙන දේ

විදෙස් රියදුරු බලපත්‍ර හිමි සියලු දෙනාට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජයේ රියදුරු බලපත්‍රය අනිවාර්ය කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට තාවකාලික වීසා මත පැමිණෙන අය සඳහා බොහෝ ප්‍රාන්තවල කිසිදු තහනමකින් තොරව රිය පැදවීමේ අවස්ථාව හිමි වූ අතර නොදන් ටෙරිටරි රජය සහ වික්ටෝරියා ප්‍රාන්ත රජය මේ සම්බන්ධ නීති පැනවීමට මීට පෙර ද උත්සහ කර තිබුණා.

ඒ හේතුව මත විදෙස් රියදුරු බලපත්‍ර හිමි රියදුරන්ට දඬුවම් ලකුණු 35ක් එකතු වී තිබුණ ද තම රියදුරු බලපත්‍රය අවලංගු වීමකින් තොරව රිය ධාවනයට අවස්ථාව හිමි වී තිබූ බව සඳහන්.

විදෙස් රියදුරු බලපත්‍ර හිමි රියදුරන් හේතුවෙන් 2018 වසරේ සිට 2022 අතර වසර පහක කාලසීමාව තුළ මාරක රිය අනතුරු 23ක් සහ බරපතල තුවාල සහිත රිය අනතුරු 468ක් නිව් සවුත් වේල්ස් මාර්ගවලදී සිදුවී තිබෙනවා.

හඳුන්වා දෙන නව නීතිය අනුව 2023 වසරේ ජූලි පළමුවනදාට ප්‍රථමයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණි අය සඳහා ප්‍රාන්ත රියදුරු බලපත්‍රය ලබාගැනීමට මාස 12ක කාලයක් පමණ ගත වන බව සඳහන්.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් ඇතිවන තදබදය අවම කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද නිව් සවුත් වේල්ස් රජය කටයුතු කරමින් සිටිනවා.

සියලුම විදෙස් රියදුරු බලපත්‍ර හිමියන්ට නව නීතිය අනුව ප්‍රාන්තයේ රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පරීක්ෂණයකට යොමු වීමට ද සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »