ළමයින්ට ඉන්න වත් ඉඩක් නැති ඔස්ට්‍රේලියාවේ පාසල්

පර්ත් නගරයේ අභ්‍යන්තර පාසැල්වල නියමිත ධාරිතාවට වඩා වැඩියෙන් සිසුන් බඳවා ගන්නා බව දෙමාපියන් චෝදනා කරනවා.

ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගිය ද යටිතල පහසුකම් හා පාසැල් ව්‍යූහයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ.

ඉල්ලුමට සරිලන පන්ති කාමර පහසුකම්, ක්‍රිඩාංගණ සහ අපනශාලා පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද වාර්තා වනවා.

පසුගිය වසර 10ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ පාසැල් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබුණ ද සිසු ධාරිතාවට අනුව නියමිත පහසුකම් නොමැති බව නිරීක්ෂණය වී තිබෙනවා.

ළමුන්ට පාසැල් පරිශ්‍ර තුළ එහා මෙහා යෑමේ හැකියාව, නිදහසේ ක්‍රීඩා කිරීම හා තමන් කැමති සෞන්දර්යාත්මක විෂයක් හැදෑරිමට අවශ්‍ය වටපිටාව පාසැල් පරිශ්‍රතුළ තිබීම අනිවාර්ය කරුණක්.

කෙසේ වෙතත් පර්ත් නුවර පාසල්වල එම පහසුකම් අඩු මට්ටමක පැවතිය ද ළමුන් බදවා ගැනීමේ ව්‍යුහාත්මක සැලැස්මක් පාසැල් බලධාරීන් සතුව නොමැති බවටයි අවබෝධ වී ඇත්තේ.

මේ හේතුවෙන් පර්ත් නගර අභ්‍යන්තරයේ නව ප්‍රාථමික පාසල් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »