සුපිරි වෙළඳසැල් තම බලතල අනිසි ලෙස භාවිතා කරන බවට හෙළිදරව්වක්

විශාල සුපිරි වෙළඳසැල් තම බලය අනිසි ලෙස භාවිතා කරන බැවින් සමාජ ගැටලුවක් ඇති වීමට පෙර එම බලය බිඳ දැමිය යුතු බවට සෙනෙට් පරීක්ෂණයක් හමුවේ පාරිභෝගිකයන් ප්‍රකාශ කර තිබෙනවා.

වත්මන් ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල්වල වෙළඳපල බලය සහ ආහාර මිල නියම කිරීම සම්බන්ධයෙනුයි මෙල්බර්න්හි මෙම කමිටුව සොයා බලමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ විශාල සුපිරි වෙළඳසැල්වල වැඩපිළිවෙළ හමුවේ ගොවීන් සිය ව්‍යාපාරවලින් ඉවත් කර පාරිභෝගිකයින්ට ද අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බව විමර්ශනයේදී හෙළිවී තිබෙනවා.

මූල්‍ය උපදේශකයින් විමර්ශන කමිටුව හමුවේ පැවසුවේ වැඩි පිරිසක් තම පවුල් පෝෂණය කිරීමට අරගල කරමින් සිටීම මෙතෙක් දැක ගැනීමට ලැබුණු නරකම සිදුවීම එය බවයි.

මස් සොරකම් කරන ගනුදෙනුකරුවන් නතර කිරීම සඳහා කෝල්ස් සමාගම නව ආරක්‍ෂිත ටැග් ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ගොවීන් මෙම පරීක්ෂණයට පැමිණ ඇත්තේ තම නිෂ්පාදන සඳහා සුපිරි වෙළඳ සැල් ගෙවන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකට ඇපල් අලෙවි කරන බවට ඇතුලු ගැටළු ලැයිස්තුවක් සමගින්.

Coles සහ Woolies ඇතුලු ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් පිළිබඳ අවසන් වාර්තාව මැයි 7 වැනිදා රජයට භාරදීමට නියමිතයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »