ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විදේශ අමාත්‍යංශයෙන් දැනුම්දීමක්!

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනවාරි 06 වනදා නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව, ව්‍යාපාරික සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හැර වෙනත් විදේශ ගමන් බලපත්‍ර සහිතව මුදල් ගෙවා පැමිණෙන මගීන්ට ද අදාළ සංචාරක කටයුතු සඳහා අවසර ලබා දෙන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, නේවාසික වීසා බලපත්‍ර සහිත විදේශීය විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට, ද්විත්ව පුරවැසින්ට සහ විදේශ රටක ගමන් බලපත්‍ර හිමි සහකරු, සහකාරිය හෝ සමීප ඥාතියෙකු සමග පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද නියමිත සංචාරක මාර්ගය භාවිත කිරීමට අවසර හිමිවනවා.

කෙසේ වෙතත්, සුරක්ෂිත බව සහ සහතික කළ හෝටලයක දින 14ක් රැදී සිටීම සඳහා වෙන් කරවා ගැනීමක් සිදුකර ගැනීම එහිදී අනිවාර්ය වන අතර, එම අවස්ථාවේදී කොවිඩ් පරීක්ෂණ සඳහා වන ගෙවීම් ද සිදුකළ යුතු වනවා.

(ColomboTimes)

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »