ජීවන වියදම් පීඩනය මැද ඔස්ට්‍රේලියානුවන් කරපු දෙයක් සමීක්ෂණයකින් හෙළිවෙයි

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ජනතාව පසුගිය වසරේ මිලදී ගත් දේපළවලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්ව ඇති බව හෙළිව තිබෙනවා

ප්‍රොපටි එක්ස්චේන්ජ් ඔස්ට්‍රේලියා (Property Exchange Australia )විසින් සිදු කරන ලද පර්යේෂණයකදී හෙළිව ඇත්තේ පසුගිය වසරේනැගෙනහිර ප්‍රාන්තවල ඩොලර් බිලියන 454.7ක් වටිනා නේවාසික දේපල මිලදී ගෙන ඇති අතර මේ වන විට ඉන් ඩොලර් බිලියන 129.6ක් මුදල් වශයෙන් ගෙවා ඇති බවයි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් හි විකුණන ලද දේපලවලින් සියයට 28.5ක් උකසකින් තොරව මිලදී ගෙන ඇති බව ද එම වර්තා පෙන්වා දෙනවා.

ප්‍රධාන වෙළඳපල කළාප තුල අවම වශයෙන් සියයට 25කගේ දේපළ මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව සඳහන්.

කුටුම්භ සඳහා ඉහළ ජීවන වියදමක් තිබියදීත්, මුදල් ඉතිරි කරගැනීමට ඔස්ට්‍රේලියානුවන් පෙළඹ ඇති බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් වැඩිහිටි සහ විශ්‍රාමික මුදල් ගැනුම්කරුවන්ට ඉහළ අනුපාත වාසිදායක වන අතර බැංකු විසින් පිරිනමනු ලබන ඉහළ ඉතුරුම් අනුපාතවල ප්‍රතිලාභ මගින් මෙලෙස මුදල් පියවා ඇති බව හෙළිවී තිබෙනවා.

ෆෙඩරල් සංචිත බැංකු විසින් ඉදිරියේදි තව දුරටත් පොලී අනුපාතිකය පහත දැමුවහොත් දේපළ ණය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි ප්‍රොපටි එක්ස්චේන්ජ් ඔස්ට්‍රේලියා පුරෝකතනය කර ඇත්තේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »