
ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර නගර සහ පිටත තදාසන්න ප්‍රදේශවල ළමුන් අතර ඇදුම රෝගයේ බරපතල පරතරයක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ටෙලිතොන් කිඩ්ස් ඉන්ස්ටිටියුට් (Telethon Kids Institute) සහ කර්ටින් (Curtin) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මීට පෙර සඳහන් කර තිබුණේ නගර අභ්‍යන්තර ප්‍රදේශවල ජීවත් වන වයස අවුරුදු 5ත් 14ත් අතර ළමුන් වායු සහ පරිසර දූෂණය හේතුවෙන් ඇදුම රෝගයට ගොදුරු වන බවයි.
එහෙත් පිටත තදාසන්න ප්‍රදේශවල ළමයින්ට ඇදුම වැළඳීමේ සම්භාවිතාව සියයට 12 ක අනුපාතයක් වන අතර එය සමඟ සංසන්දනය කරන විට නගරයේ සියයට හයක් පමණක් බවටයි ඔවුන්ගේ නව අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ.

සහකාර මහාචාර්ය ඉවාන් කැමරන් පැවසුවේ මෙම ප්‍රවණතාවය විශාලතම නගර හතර වන සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ පර්ත් සඳහා සත්‍ය බවට ඔප්පු වී ඇති බවයි.
දුප්පත් තදාසන්න ප්‍රදේශවල ඇදුම රෝගයේ ඉහළ අනුපාත පිටුපස සමාජ ආර්ථික ගැටලු ඇති බවටයි ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ.

තෙතමනය හා දුර්වල වාතාශ්‍රය සහිත ගෑස් උඳුන් මෙන්ම ආහාර සහ තරබාරුකම ඇතුළු නිදන්ගත රෝගවල ඉහළ අනුපාත සහ දුර්වල නිවාසවල ගුණාත්මක භාවය මෙම ගැටලු අතරට අයත්.
පහළ ආර්ථික මට්ටම්වල සිටින ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුලි නිවාසවල සිටින අතර මෙම ගැටළු සමනය කිරීමට ක්‍රම නොමැති බවට ද හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම ඇදුම රෝගය කළමනාකරණය සඳහා එම ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සහාය සඳහා ද දුර්වල ප්‍රවේශයක් තිබිය හැකි බවයි වාර්තා වන්නේ.
පාරිසරික හේතූන් ද ඇදුම අනුපාත සඳහා හේතුවක් වූ අතර දෛනිකව වෙනස් වන කාලගුණය ඇදුම රෝගය වර්ධනයට සාධකයක් විය හැකි බවයි මහාචාර්ය ඉවාන් කැමරන් පැවසුවේ.
ඔස්ට්‍රේලියාව ලෝකයේ ඉහළම ඇදුම අනුපාතයක් ඇති රටක් වන අතර මෙම රෝගය වයස අවුරුදු 1 සිට 14 දක්වා ළමුන්ගෙන් සියයට 8.7 කට බලපා තිබෙනවා.
පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ඔස්ට්‍රේලියාවේ ළමා ඇදුම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා නව ප්‍රතිපත්ති මෙන්ම සායන සැලසුම් කිරීමට තම සමීක්ෂණයේ තොරතුරු යොදා ගත හැකි බවයි.