
අද උදෑසන වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති සීමාවන් රාශියක් ලිහිල් වී ඇත.
මෙලෙස නීති රීති ලිහිල් කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ අඛණ් ඩව 11 වන දිනයත් කිසිඳු කොරෝනා රෝගියෙකු දේශීයව වාර්තා නොවීමයි.
ඒ අනුව, අද අළුයම 12.01 සිට සිඩ්නි නුවර වැසියන්ට තම නිවෙස් වලට ළමුන් ද ඇතුලත්ව අමුත්තන් 30 ක් ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර, පිටත එක් රැස් විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 50 දක්වා ඉහල නංවා ඇත.

වර්ග මීටර් හතරක දුරස්ථභාවය පවත්වා ගනිමින් 300 දෙනෙකුට විවාහ මංගල්‍යවලට සහභාගී විය හැකිය.
ආගන්තුක සත්කාරක ස්ථානවල හෝ පූජනීය ස්ථානවල අවසර ලත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ කිසිදු සීමාවක් නොමැති අතර, වර්ග මීටර් හතරක දුරස්ථභාවය පවත්වා ගැනීමට වගබලා ගත යුතුවේ.

පොදු ප්‍රවාහන, පූජනීය ස්ථාන සහ රූපලාවණ්‍යාගාරවල මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය වන අතර සුපිරි වෙළඳසැල්වල මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය නොවේ.
එනමුත් නිව් සවුත් වේල්ස් රජය පවසන්නේ එවැනි වෙළඳසැල් වල පාරිභෝගිකයින් ද මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බවයි.