තමන්ට තියෙනවා ද කියලා දන්නේ වත් නැති රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියානුවන් 70 දෙනෙකුගෙන් එක් අයෙකුට සෙලියාක් රෝගයේ බලපෑමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 360000ක් හෝ 70 දෙනෙකුගෙන් එක් අයෙකුට සෙලියාක් රෝගය ඇති නමුත් එවැනි රෝගයක් තමන්ට පවතීද යන්න නොදැන සිටිම බැරෑරුම් තත්වයක් බව සඳහන්

ඒ අනුව සෙලියාක් රෝගය සහිත පුද්ගලයන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුට එම රෝගය පවතී ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැති බවයි වාර්තා වන්නේ.

මෙහි රෝග ලක්ෂණ හඳුනා ගැනීම අපහසු වන අතර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් ලෙස නම් කර තිබෙනවා.

පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වීම වැළක්වීම රෝගයෙහි මූලික ලක්ෂණය වන අතර ග්ලූටන් බහුල ආහාර ගැනීමේ පුරුදු මේ සඳහා බලපානු ඇති.

පසුගිය වසර 50 තුළ සෙලියාක් රෝගය සිව් ගුණයකින් වැඩි වී ඇති අතර ආහාර මගින් බැක්ටීරියා සහ වෛරස්වලට නිරාවරණය වීම රෝග ව්‍යාප්තිය සදහා තවදුරටත් බලපෑම් කරන බව සඳහන්.

‍රෝගය පිළිබද අවබෝධයක් නොමැතිකමින් යකඩ වැනි පෝෂක ඌණතාවයන් පමණක් නොව, වඳභාවය, අක්මා ක්‍රියාකාරිත්වය අඩපණ වීම, අස්ථි ඝනත්වය අඩු කිරීම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි බරපතල රෝගී තත්ව දක්වා ව්‍යාප්ත විය හැකියි.

ඇතැම්විට මෙය පිළිකා අවධානම තෙක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

රුධිර පරික්ෂාවක් මගින් සෙලියාක් රෝගය හඳුනා ගත හැකි අතර පාචනය, ශරීර බර අඩුවීම, උදාසීන බව ආදී රෝග ලක්ෂණ පවතින්නේ නම් රුධිර පරික්ෂාවක් සිදුකිරීම වඩාත් සුදුසු වන බවටයි වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »