Search

මිල ඉහළ ඖෂධයක් ඔස්ට්‍රේලියාව ලාභදායීව නිපදවයි

ශරීර ස්කන්ධය අඩු කිරීම සඳහා පැවති ඖෂධයක් ලාභදායි අයුරින් නිෂ්පාදනය කිරීමට ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ඒ අනුව ජනප්‍රිය බර අඩු කිරීමේ ඹෟෂධයක් වන ඔසෙම්පික්හි (Ozempic) ප්‍රධාන අමුද්‍රව්‍යය නිෂ්පාදනය කිරීමට ලාභදායී සහ වේගවත් ක්‍රමයක් සොයාගැනීමටයි පර්‍යේෂකයින් සමත්ව ඇත්තේ.

මෙය ශරීරයට එන්නත් කළ හැකි අනුමත ඖෂධයක් වන අතර දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට, බර අඩු කර ගැනීමට උපකාරී වන ආහාර රුචිය මැඩපවත්වීමට සහ ඉන්සියුලින් මට්ටම ඉහළ නංවීමට සමත් ඖෂධයක් වනු ඇති.

ඔසෙම්පික් ඖෂධයේ ඉහළ යන ජනප්‍රියත්වය මධ්‍යයේ ගෝලීය සැපයුම් හිඟයක් නිර්මාණය වී ඇති අතර මිල අධික වීම හේතුවෙන් පරියේෂකයින් ලාභදායි අශ වෙත යොමුව තිබෙනවා.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ෆ්ලෝරි ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් නව අත් හදාබැලීම සිදුකර ඇති අතර නිෂ්පාදනය කිරීමට පහසු සහ මිල අඩු ඖෂධයක් වෙත යොමුවීමටයි පියවර ගෙන ඇත්තේ.

පර්යේෂක මහාචාර්ය අක්තර් හොසේන් සඳහන් කළේ මෙම සාර්ථක අත්හදා බැලීම මගින් ඉදිරියේ දී ශරීර ස්ථුලතාව වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පහසු මිල ගණන් යටතේ බර අඩු කරගැනීමේ ඖෂධ මිලදී ගත හැකි බවයි.

කෙසේ වෙතත් මෙම ඖෂධය වෙළදපොළ වෙත යොමුකර නොමැති අතර ඉතා නුදුරේදීම දේශීය මෙන්ම ගෝලීය වෙළඳපල වෙත යොමු කිරීමට සුදානම් බව සඳහන්.