අනපේක්ෂිත ප්‍රමාදවලින් පසු ඔස්ට්‍රේලියාවේ ටයිටැනික් සිහිනය යළි සැබෑවෙයි

ලොව සුප්‍රකට ටයිටැනික් නෞකාවේ අනුරුවක් තැනීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ක්ලයිව් පාමර් පැවසුවේ නවීන කෲස් ලයිනර් නෞකාව සඳහා සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවයි.

ටයිටැනික් 2 යනුවෙන් ටයිටැනික් නැවෙහි අනු රුවක් නිර්මාණය කරන බවට ඔහු මීට වසර 10කට පමණ ඉහතදී ප්‍රකාශ කර තිබුණා.

20 වැනි සියවසේ නිර්මාණය කෙරුණු ටයිටැනික් නැවට බොහෝ සෙයින් සමානව නව නෞකාවේ අභ්‍යන්තරය සහ මැදිරි සැලසුම් ඇති අතර ටයිටැනික් නැවට වඩා විශාල වශයෙන් වැඩි දියුණු කළ ආරක්‍ෂිත විශේෂාංග ද එහි පවතින බවයි නව සැලසුම් ප්‍රකාශයට පත් කරමින් ක්ලයිව් පාමර් කියාසිටියේ.

බ්ලූ ස්ටාර් ලයින් නම් මෙම නෞකාව මගින් නවීන ආරක්ෂිත ක්‍රමවේද, නාවික ක්‍රම සහ 21 වැනි සියවසේ තාක්‍ෂණය ඒකාබද්ධ කරමින් ඉහළම මට්ටමේ සුඛෝපභෝගී සුවපහසුවක් මගීන්ට ලබා දෙන බවයි ඔහු සඳහන් කළා.

නැව ඉදි කිරීම සඳහා ලෝකයේ හොඳම නිර්මාණකරුවන් කිහිප දෙනෙකු ගෙන්වා ගනිමින් සිටින බව ද ඔස්ට්‍රේලියා ප්‍රකෝටිපතියා අනාවරණ කර තිබෙනවා.

2012 වසරේදී පාමර් මුලින්ම මෙම සුඛෝපභෝගී කෲස් නෞකාව තැනීමේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කරනු ලැබු අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් බවයි ඔහු කියාසිටියේ.

අනපේක්ෂිත ගෝලීය ප්‍රමාදයන්වලින් පසුව, ටයිටැනික් ll සිහිනය ජීවමාන කිරීමට හවුල්කරුවන් සමඟ නැවත සම්බන්ධ වී සිටින බව සතුටින් නිවේදනය කරන බව ක්ලයිව් පාමර් ප්‍රකාශ කළා.

නව නෞකාවේ සැලසුමට තට්ටු නවයක්, මැදිරි 835ක් සහ මුල් යාත්‍රාවේ පාලමේ අනුරුවක් ද ඇතුළත්.

අනෙකුත් පහසුකම් අතර සාම්ප්‍රදායික කෑම කාමරයක්, පළමු පන්තියේ භෝජනාගාරයක්, සුඛෝපබෝගී රාජ්‍ය කාමර, බෝල්රූම්, ව්‍යායාම ශාලා, ස්කොෂ් පිටිය, පිහිනුම් තටාකය, නානකාමර, රංග ශාලාව සහ කැසිනෝ ශාලා ඇතුළත් වනවා.

එහි මගීන් 2435ක් සඳහා පහසුකම් සපයන අතර, සවුත්හැම්ප්ටන් සිට නිව්යෝර්ක් දක්වා ටයිටැනික්හි මුල් සැලසුම්ගත ගමන අනුගමනය කරමින් ගමන් ආරම්භ කර ලොව වටා ගමන් කිරීමට නියමිතයි.

නෞකාවේ බර ටොන් 56,000ක් පමණ වන අතර දිග මීටර් 269ක් පළල මීටර් 32ක් වනු ඇති.

ටයිටැනික් II හි මංගල ගමන ආරම්භ කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »