
බැලරට්හි මවුන්ට් ක්ලියර් ප්‍රදේශයේ රන් ආකරයක් කඩා වැටීමෙන් සිරවී සිටි කම්කරුවන් 26 දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන තිබෙනවා.
වික්ටෝරියා පොලිසිය පැවසුවේ එක් සේවකයෙකු බරපතල තුවාල සහිතව ගුවන් මගින් රෝහලට ගෙන ගොස් ඇති බවයි.
සිරවී සිටින අනෙක් පුද්ගලයා බේරා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පතලේ වාර්තා වූ මෙම අනතුර සිදුවී ඇත්තේ ඇතුල්වීමේ දොරටුවේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරකින් බව සඳහන්.
අගමැතිනි ජසින්ටා ඇලන් පැවසුවේ සිද්ධියෙන් පීඩාවට පත් සෑම සේවකයෙකු සහ සෑම පවුලක් පිළිබඳ කණගාටුව පළ කරන බවයි.

මෙම පතල Mount Clear ප්‍රදේශයෙන් ආරම්භ වී Ballarat ප්‍රදේශය දක්වා කිලෝමීටර් ගණනක් පොළව යට විහිදී ගොස් ඇති එකක් වන බව මීට පෙර මෙම පතලේ සේවය කළ අයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
මේ අතර 2023 මාර්තු මාසයේදී පතල ක්‍රියාත්මක කළ සමාගම අර්බුධයකට ලක්වීම හේතුවෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැටලු රැසක්ද මතුවී තිබුණා.
2007 වසරේදී ද එහි උමගක් මීටර් 700ක් පමණ ගැඹුරට කඩා වැටීමෙන් කම්කරුවන් 27 දෙනෙකු සිරවූ අතර පසුව ඔවුන් ආරක්ෂිතව බේරා ගත් බව සඳහන්.