
තරුණ අපරාධකරුවන්ට ඇප ලබා ගැනීම අපහසු වන අයුරින් පවතින නීති තවදුරටත් පුලුල් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
වර්තමාන සමාජයේ නව රැල්ලක් මෙන් තරුණ අපරාධ ව්‍යාප්ත වෙමින් පවතින අතර මෝටර් රථයක් සොරකම් කිරීම හෝ නිවසක් බිඳීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තරුණයින්ට ඉදිරියේදී ඇප ලබා ගැනීම දුෂ්කර වනු ඇති.
මෙහි විශේෂත්වය වනුයේ එම වැරදි සිදු කර පසුව එම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත බෙදාහරින ඕනෑම අයෙකුට තවත් වසර දෙකක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවීමයි.

මොරේ වැනි කලාපීය ප්‍රදේශවල තරුණ අපරාධ වැඩිවීම මැඩපැවැත්වීමට මෙහි ප්‍රධාන අරමුණ වන අතර එම කලාප තුළ තරුණ අපරාධ සාමාන්‍යයට වඩා සියයට 840 කින් වැඩි බව සඳහන්.
අපරාධ සංඛ්‍යාලේඛන හා පර්යේෂණ කාර්යාංශයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ එම කලාපයේ මෝටර් රථ සොරකම සියයට 680 කින් ඉහළ ගොස් ඇති බවයි.

ස්වදේශීය තරුණ ප්‍රජාව අතර අපරාධ ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වනවා.
ඒ අනුව අපරාධයක් සිදු කර ඇප මත නිදහස් කළ ද එම කාලසීමාව තුළ ද නැවත මෙලෙස අපරාධ සඳහා තරුණ ප්‍රජාව පෙළඹීම පාලනට කිරීමේ අරමුණින් නීතිය පුලුල් කිරීමටයි ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත්තේ.
තරුණ අපරාධ ව්‍යාප්තියට සමාජ මාධ්‍ය ද බලපෑම් සිදුකරන බැවින් එවැනි ක්‍රියා සම්බන්ධ විඩියෝ සමාජයට මුදාහරින්නට ද ඉදිරියේදී නිතිය තදින්ම ක්‍රියාත්මක වනු ඇති.