Search

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියාවක් ගැන තොරතුරු

සමාජ මාධ්‍ය ඔස්සේ වංචනික ක්‍රියාවන්ට හසුවන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පාරිභෝගික කොමිසම පවසනවා.

නව සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ සමාජ මාධ්‍ය වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වු මුදල ඩොලර් මිලියන 477ක් බව සඳහන්.

මේ හේතුවෙන් 2023 වසරේ අවසන් මාස තුන තුළදී ඩොලර් මිලියන 82කට වඩා වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානුවන් අහිමි කරගෙන ඇති බව පාරිභෝගික කොමිසම අනාවරණය කර තිබෙනවා.

මෙලෙස වංචනික ක්‍රියාවන්ට නතුවීමේ වැඩි අවධානමක් ඇති පිරිස ඇතර වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

වැඩිහිටියන් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වංචාවල විශාල වැඩිවීමක් පිළිබඳ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

මෙම වංචානික ක්‍රියා බොහෝ විට ව්‍යාජ දැන්වීම් ඔස්සේ පැමිණෙන බව ද සඳහන්.

2023 වසරේ සමාජ මාධ්‍ය වංචනික ක්‍රියා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 95ක පාඩු සිදුව ඇති අතර Whatsapp, Facebook සහ instagram වැනි සමාජ මාධ්‍ය වංචනිකයින් මේ සඳහා යොදාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් meta සමාගම ප්‍රකාශ කළේ තම සමාජ මාධ්‍ය පරිෂීලකයින්ගේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට නව ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

ව්‍යාජ ගිණුම් සහ වෙනත් අසත්‍ය දැන්වීම්වලින් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා සැලකිය යුතු සම්පත් සහ තාක්‍ෂණික විසඳුම් වෙත යොමුවීමට සුදානම් බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් කෙටි පණිවුඩ, විද්‍යුත් පණිවිඩ ඔස්සේ මුදල් ගෙවිමට අදාළ link වෙත ප්‍රවේශවීමට පෙර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නැවත නැවතත් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »