
ළමා අපයෝජන වැරදි 116ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
31 හැවිරිදි සැකකරු මාස ගණනාවක් පුරා අන්තර්ජාලය හරහා බාලවයස්කරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරීව සිටි බවටයි පොලිසිය චෝදනා කරන්නේ.
රහස් පරීක්ෂකයින් විසින් සන්ෂයින් කෝස්ට්හි සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ විමර්ශනයක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්ත්‍රී දූෂණය, ලුහුබැඳීම, වැරදි අරමුණු සඳහා දරුවෙකු රැගෙන යාම, දරුවෙකුට අශෝභන ලෙස සැලකීම සහ භයානක මත්ද්‍රව්‍ය සැපයීම ඔහුට එල්ලවී ඇති චෝදනාවලට ඇතුළත්.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ලබන 18 වනදා මරුචිඩෝර් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීම්වලට සම්බන්ධ ළමුන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පවුල් සමඟ සහයෝගයෙන් විමර්ශන සිදු කරන බවයි.
දෙමාපියන් තම දරුවන් අන්තර්ජාලය හරහා නිරාවරණය විය හැකි පුද්ගලයින් සහ ඔවුන් බාලවයස්කරුවන් සමඟ ක්‍රියා කරන ආකාරය පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම මෙම සිදුවීම තුළින් වඩාත් පෙන්නුම් කෙරෙන බව ද පොලිසිය සඳහන් කළා.
තම දරුවාගේ ලැප්ටොප් පරිගණකය, දුරකථනය සහ වෙනත් උපාංගවල පාස්වර්ඩ් දෙමාපියන් දැන ගැනීම වැදගත් බවයි ඔවුන් අවධාරණය කළේ.