Search

ඔස්ට්‍රේලියානුවන්ගේ ඉදිරි සැලසුමක් ගැන හෙළිදරව්වක්

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු ඉදිරි වසර පහ තුළ නිවසක් මිලදී ගැනීමට සැලසුම් කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

තමන්ගේම නිවසක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානුවන් තුළ වූ බලාපොරොත්තු පවතින ජීවන අර්බුධය හමුවේ යටපත් ව ඇති බව Westpac වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

මෙලෙස නිවාස මිලදී ගැනීමට සැළසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සියල්ලම පළමු නිවාස ගැණුම්කරුවන් නොවන බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස හය තුළ නව නිවසක් මිළදී ගැනීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සියයට 9කින් ඉහළ ගොස් ඇති අතර පළමු නිවාස හිමිකාරිත්වය සඳහා වන සැලසුම් සියයට 3කින් පහළ ගොස් ඇති බවද සදහන්.

ජීවන වියදම් පීඩනය නිසා නිවාස සිහිනය නවතා දැමීමට සිදු ව ඇති බවයි Westpac සමීක්ෂණය සදහා එක්වූවන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

සමීක්ෂණයට ලක් වූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 44 ක් කියා සිටියේ තමන් 2030වසර ට පෙර නව නිවසක් සඳහා යෑමට තමන් සැළසුම් කරන බවයි.

නව නිවසක් අපේක්ෂා කරන නිවාස හිමියන්ගෙන් හතරෙන් තුනක් එනම් සියයට 75ක අගයක් සදහන් කර ඇත්තේ නිවාස මිලදී ගැනීම සදහා මිළ අඩු ප්‍රදේශකරා යෑමට තමන් සූදානමින් සිටින බවයි.

2021 වසරේ සිට මහල් නිවාස සහ ඒකක සඳහා ඔස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත සියයට 7 කින් ඉහළ ගොස් ඇති බව Westpac වාර්තාවේ දැක්වෙනවා.

තරුණ ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රතිලාභ ලබාදෙන අයුරින් ෆෙඩරල් රජය නිවාස සැලසුම් යෝජනා ඉදිරිපත් කළ යුතු බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.