
සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙන මස් සොරකම් කිරිම වැළැක්වීමේ අරමුණින් ආරක්ෂිත ටැග් එකක් අත්හදා බැලීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ඔවුන්ගේ ඇතැම් වෙළඳසැල්වල මස් සොරකම් වැළක්වීම සඳහා ආරක්ෂක ටැග් ක්‍රමවේදයක් අත්හදා බැලීමටයි තීරණය කර ඇත්තේ.
වෙළඳසැල්වල සිදු වන සොරකම් ඉහළ යාම හමුවේ ඔවුන් මෙම නව පියවර සැලසුම් කර ඇතැයි සඳහන්.

එවැනි ටැග් සාමාන්‍යයෙන් වෙළඳසලෙන් පිටතට රැගෙන ගිය හොත් අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කෙරෙනවා.
ඒ අනුව පිටතට රැගෙන යාමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් අදාළ මස් මත ඇති ආරක්‍ෂිත ටැග් ඉවත් කළ යුතුයි.

නව ක්‍රමවේදය ස්ථිරව ක්‍රියාත්මක වන තෙක් මස් වර්ග ස්වයං පරීක්ෂක තීරු හරහා ලබා ගැනීමට තවදුරටත් හැකියාව පවතිනවා.
කෝල්ස් ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇතැමුන් සොරකම් සිදු කළ ද බහුතරයක් පාරිභෝගිකයින් වෙළඳසැල් තුළ වගකීම් සහගත අයුරින් කටයුතු කරන බවයි.
තමන් සෑම විටම නව ආරක්ෂක පියවරයන් අනුගමනය කරන අතර නව ආරක්‍ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාරිභෝගික අදහස් ලබා ගැනීමට ද අදහස් කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.