භයානක රෝග ඇති කළ හැකි බළලෙක් ගැන ජපාන වැසියන්ට අනතුරු ඇඟවීමක්

බටහිර ජපානයේ ෆුකුයාමා නගරයේ විෂ රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට වැටුණු බළලෙකු ස්පර්ශ නොකරන ලෙසට සහ ළං කර නොගන්නා ලෙසට ප්‍රදේශයේ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

විෂ රසායනික ද්‍රව්‍ය සහිත කම්හලේ සේවකයෙකු කන්ටේනරයෙන් ඉවතට ගොස් ඇති කහ පැහැති පාද සටහන් සොයා ගැනීමෙන් පසුවයි මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.

ආරක්ෂක කැමරා නිරීක්ෂණයෙන් පසු එම බළලා පලා යන ආකාරය දැකගත හැකි වී තිබෙනවා.

ෆුකුයාමා ප්‍රදේශයේ නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ මෙම සත්වයාගෙන් ඈත් වී සිටින ලෙසට සහ එම සත්වයා දුටුවහොත් පොලිසියට වාර්තා කරන ලෙටයි.

තැඹිලි සහ දුඹුරු පැහැයෙන් යුත් මෙම බළලා අධික ආම්ලික හා පිළිකා කාරක රසායනිකයක් වන හෙක්සාවලන්ට් ක්‍රෝමියම් බඳුනකට වැටී ඇති බව සඳහන්.

අසාමාන්‍ය ලෙස පෙනෙන මෙම සත්වයා දුටුව හොත් ස්පර්ශ නොකරන ලෙස මහජනතාවට අනතුරු ඇඟවූව ද සිද්ධිය හේතුවෙන් සත්වයා මිය යන්නට ඇති බවට ද සැක කෙරෙනවා.

බලධාරීන් පවසන්නේ මෙතෙක් මෙම බළලා දැක ඇති බවට වාර්තා වී නොමැති බවයි.

කම්හල හිමි සමාගම පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය සහිත ටැංකිය වසා තිබූන ද එහි කොටසක් පෙරළා බළලා ඇතුලු වී ඇති බවයි.

මෙම සිදුවීම හේතුවෙන් බළලුන් වැනි කුඩා සතුන්ට රිංගා යාම වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු කෙරෙන අතර එය කිසිදා අපේක්ෂා නොකළ දෙයක් බව සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

හෙක්සාවලන්ට් ක්‍රෝමියම් සමේ ආසාධන, ශ්වසන ආබාධ සහ අන්ධභාවයට හේතු විය හැකි අතර එම රසායනික සමග වැඩ කරන කාර්ය මණ්ඩලය ද මුහුණු ආවරණ සහ රබර් අත්වැසුම් පැළඳිය යුතුයි.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »