ළමයින්ට මග පෙන්වන පිරිසගේ නොමනා හැසිරීමක් නිසා මතබේධාත්මක තත්ත්වයක්

පාසල් ගුරුවරුන් පිරිසක් පාසල් වැසිකිලියක් තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි ද ඇතුලුව දුම් පානය කරන ඡායාරූපයක් සමාජ ගත වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දින දර්ශනයක කොටසක් ලෙස මෙම පින්තූරය ගෙන ඇති අතර එය පසුගිය වසරේ ක්වීන්ස්ලන්තයේ බල්මොරල් ප්‍රාන්ත උසස් පාසලේ කාර්ය මණ්ඩල කාමරවල ප්‍රදර්ශනය කර තිබූ බවයි පැවසෙන්නේ.

කන්‍යා සොහොයුරියක ලෙස සැරසී සිටින ගුරුවරියක මෙන්ම අසභ්‍ය ඉරියව්වලින් සැරසී සිටින ගුරුවරුන්ගේ රූප ද එම කැලැන්ඩරයේ ඇතුළත් වී තිබෙනවා.

මෙම ඡායාරූප සම්බන්ධයෙන් පාසල් පරිපාලනයට වාර්තා කළ ද කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරමිනුයි කිසියම් පිරිසක් එම ඡායාරූප මාධ්‍යට නිකුත් කර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ඉලෙක්ට්‍රොනික දුම්වැටි විරෝධී වැඩසටහන් සඳහා විශාල වශයෙන් මුදල් ද ආයෝජනය කර ඇති අවස්ථාවක පාසලක් වැනි ස්ථානයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම කණගාටුදායක බවට ප්‍රකාශ කෙරෙනවා.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින බැවින් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ප්‍රාන්ත පාසල් සම්පුර්ණයෙන්ම දුම්වැටිවලින් නිදහස් කලාපයක් වන අතර එම වරද සම්බන්ධයෙන් අධිකරණයේදී ඩොලර් 3000ක් දක්වා දඩයකට ද යටත් විය හැකියි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »