ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගැන රජයෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්‍යුහගතකරණයට අදාළ අදාළ නිවේදනයක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය මාර්තු 04 වනදා අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගකීම් කිහිපයක් රජයට පැවරීමට තීරණය කර ඇති බවයි එමගින් ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලංකා බැංකුවට ගෙවිය යුතු, භාණ්ඩාගාරය විසින් සහතික කළ ණයවලින් ඇමරිකානු ඩොලර් මිලියන 105ක් සහ ලංකා බැංකුවට ගෙවිය යුතු ණය රුපියල් බිලියන 12.9ක වගකීම් රජයට පැවරෙනු ඇති.

මීට අමතරව මහජන බැංකුවට ගෙවිය යුතු භාණ්ඩාගාරයේ ඇපකර ණයවලින් ඇමරිකන් ඩොලර් මිලියන 105ක් සහ රුපියල් බිලියන 18.5ක ණය මුදල් සදහා රජයට වගකීමක් පැවරෙන බව සඳහන්.

තවද, එයාර්බස් සමාගමට එරෙහිව ශ්‍රී ලංකන් එයාර්ලයින් විසින් පවරා ඇති බේරුම්කරණ නඩුවට පක්ෂව තීන්දුවක් ලැබුණහොත් ඉන් ලැබෙන ආදායම රජයට පැවරීමට පියවර ගත යුතු බව ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ගුවන් සමාගම බැංකු සහ අනෙකුත් ආයතන වෙත ගෙවිය යුතු මුළු ඩොලර් බිලියන 1.2ක ණය මුදලින් ඩොලර් මිලියන 510ක් පියවා ගැනීමට රජය මුදල් වෙන් කර ඇති බව සඳහන්.

රජයෙන් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක පමණ මුල්‍ය සහනය සමඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍යමය ප්‍රගතිය ඉදිරි මාස 06 තුල පෙන්විය යුතු බවටයි වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා සඳහන් කළේ.

ඒ අනුව ආකර්ශනීය මූල්‍ය ශේෂ පත්‍රයක් සහිතව ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඉදිරි මාස 6 තුළ ගුවන් සමාගම තුළ හොඳ මූල්‍ය විනයක් ඇති කළ යුතු අතරම ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැරිය යුතු බව ද අමාත්‍ය නිමල් සිරිපාල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට පසුගිය කාලය තුළ දැඩි විවේචන එල්ල වූයේ මෙහෙයුම් ගැටලු හේතුවෙන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් හේතුවෙන්.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »